Monday, August 15, 2016

උතුම් සිරි සද්ධර්මය............... ජම්බුද්වීපය

1 comment
ජම්බුද්වීපය පිලිඹඳ ඔබ දන්න ද්‍ෙ ඇත්තක්ද? ඇත්තටම ජම්බුද්වීපය ඉන්දියාවද?
ගෝතම බුදුන්වහන්සේ උපන් දේශය පිලිබඳ යතාර්ථය මේ වනවිට ඉතා පැහැදිලි සංධිස්ථානයක් කරා එළඹ ඇත. එදා ඉන්දියානු සම්බවයක් ඇති අටුවාචාරීන් වහන්සේලා අතින් ලියැවුනු අපේ හෙළබිමේ ඉතිහාසය සහ ඊට සමගාමීව විශුද්ධි මාර්ගය ගුරුකොට මේ දක්වා විකාශය වී ඇති බුදු දහම ඒ අයුරින්ම අර්ථකතනය කිරීම තුල සැඟවගිය හෙළබිමේ නිවැරදිවූත්, ඉතා පැහැදිලි සහ විද්‍යානුකූලවූත් ඉතිහාසය සහ නිවන් අවබෝධ කරගැනීමට උපකාරවන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේ වන විට පූර්ණ ලෙසම මතුවී තිබේ.

නිවන් අවබෝධ කරගැනීමට පින්පිරූ පිරිසකට චතු අරිය සත්‍ය අවබෝධ කරගැනීමට සහ බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කල සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානං සංවේජනීයානං තත්වයට පත් වන්නට බුද්ධ ශක්තියට අනුගත වියහැකි ස්ථාන හතරමත් මේ හෙළබිමේ මතුවී තිබීම අරිය​ මාර්ගයට පිලිපන් සියලු උතුමන්ගේ නිරාමිස ප්‍රීතියට හේතුවනවා නොඅනුමානයි.
ම්‍ෙ පිලිබඳ තා‍ෙරතුරු සඳහන් ප‍ොත් Download කරගන්න
2.අප උපන් මේ හ‍ෙලබිම part 2
3.අප උපන් මේ හ‍ෙලබිම part 3
4.ප උපන් මේ හ‍ෙලබිම part 4
බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පසුවද හෙළදිව අරහතුන් වහන්සේලාගේ ස්පර්ශයෙන් නොඅඩුව පැවතියද නිවන් අවබෝධ කරගැනීමට උපනිශ්‍රය වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේතාක් කාලයක් වැසී ගොස් තිබුනද අද වනවිට නැවතත් ඒ උතුම් ධර්මය මතුවී තිබීම සියලු ලෝ වැසියකුටම මහත් අස්වැසිල්ලට කාරනයක් වනු ඇත.
පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඇසුරෙන් දේශනාකරන ලද, එම උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම්පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමේ අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ.
මිනිසෙකුට උපතින්ම ලැබුණු විමර්ශන ඥාණයම මතුකරගන්නට, දියුණු කරගන්නට මග කියාදී සිතීමේ හැකියාව, විපස්සනා නුවණ අනුපස්සනා ඥාණය ඉස්මතු කරගන්නටම මග පෙන්වාදීම බුද්ධ ධර්මයේ ඉගැන්වූ නිවන් මාර්ගයයි. කෙලෙස් ක්‍රියාත්මක වන්නේ තම තමන්ගේම චිත්ත සංතානයේ මිස බාහිර ලෝකයක නොවේ. කිලිටි වූ තමන්ගේම චිත්ත සංතානය පිරිසිඳු කරගත් පමනටම නිවනද නිදහසද තමන්ටම උරුම වෙනු ඇතිබව මෙහි පෙන්වා වදාල පරම සත්‍යයි.
මේ කිසිදු පොතක් අවසරයකින් තොරව මුද්‍රණය කිරීම හා අවසරයක් ඇතුව හෝ නැතිව මුදලට විකිනීම නොකළ යුතුය. මෙම ධර්ම දේශනා, පොත් පත් සංස්කරණය කිරීම නොකල යුතුය. මේ පොත් ඔබේ පරිගණකයෙන් වෙනත් පරිගණකයකට හෝ වෙනත් වෙබ් අඩවියකට මේ ලෙසම ඇතුලත් කිරීම සඳහා කිසිදු බාධකයක් නැත.
සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසීම ලබත්වා...!

If You Enjoyed This, Take 5 Seconds To Share It

1 comment:

  1. උතුම් සිරි සද්ධර්මය............... ජම්බුද්වීපය >>>>> Download Now

    >>>>> Download Full

    උතුම් සිරි සද්ධර්මය............... ජම්බුද්වීපය >>>>> Download LINK

    >>>>> Download Now

    උතුම් සිරි සද්ධර්මය............... ජම්බුද්වීපය >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete